නවක ගායකයන් හොද කටගැස්මක් කරගන්නා Reality TV වැඩසටහන්

Reality කී සැනින් ඔබට මතක් වන වැඩසටහනකි Sirasa Super Star . සැබාවින්ම එය රියැලිටි ටීවී වැඩසටහනකි. එය තාරැන්‍යට කරන්නා වූ මහත් සත්කාරයකි. එය හුදෙක් අප දනී. එහෙත් එහි නොපෙනෙනෙ ශෝකාන්තයක් ඇත. “ Thambapannii” අපගේ මෙම උත්සහය එය ඔබට පෙන්වා දීමටය. මෙය අප සියලුදෙනාම මතකයේ තබාගත යුතුය. අපගේ මෙම උත්සහය හුදෙක් මාධ්‍ය ආයතනයකට දොස් නැගීමක් , විවේචනය කිරීමක් , හෝ මඩ ගැසීමක් නොව ඕනෑම දෙයක ඇති පෙනෙන පැත්ත හා නොපෙනෙන පැත්ත යන දෙකෙහි නොපෙනෙන ඇත්ත පෙන්වා දීමය.
එම වැඩසටහන් පෙල ගැස්වී ඇත්තේ නවක ශිල්පීන්ගේ ගායන හැකියාවන් ඉදිරිපත් කිරීමට වඩා එම වැඩසටහනේ මුල්වට වල සහභාගී වූ ශිල්පීන් සම්බන්ධ අනේකවිද සිදුවීම් පෙලගැස්වීමටය. ගායනය පිලිබද පූර්ව අත්දැකීමකින් තොරව රෑපවාහිනී මැදිරියක් තුලට විත් ගීත ගායනා කිරීමට එම ගායක ගායිකාවන් දරන උත්සහය ඇසුරින් නරබන්නාට සැහැල්ලු රසවින්දනයක් ලබාදීම සිරස රෑපවාහිනියේ අරමුණ වී ඇතිබව පෙනේ. නමුත් එහිදී ඔවුනට ෙනාපෙණුනු බුද්ධිමත් රසිකයාට පෙනෙන විශාල වරදක් තිබේ. එනම් එම නවක ගායක ගායිකාවන්ගේ නොහැකියාවන් සේම ගායනය ඉදිරිපත් කිරීම සම්බන්ධ වෙනයම් අඩුපාඩුද එම වැඩසටහන තුලින් තදබල අපහාසයට ලක්කිරීමයි. මෙය එම වැඩසටහන තුලින් ඉබේ සිදුවන්නාක් නොව හිතාමතාම සිදුකරන්නක් බවද පෙනේ.
ThambapanniNetwork . Email - thambapannii@gmail.com
Hotline - 077 3791878
0 comments:
Post a Comment